ඔබේ නිවසෙන් තවත් නිවසකට
May 2017

නවීකරණය කළ පැරණි ගොඩනැගිල්ලක අලංකාරත්වය

අප සෑම දෙනෙකුටම විවේකය අත්‍යාවශ්‍යය. විවිධාකාරයේ අරමුණු පසුපස දිව යන අවිවේකී දිවියේදී විවේකයක් අවැසි වූ විට අප බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වන්නේ සංචාරයක යෙදීමට හෝ නිදහසේ කල් ගත කළ හැකි හෝටලයකට හෝ නිවාඩු නිකේතනයක් වෙත යෑමටය. එලෙසින් නිදහසේ කාලය ගත කිරීම සඳහා වන අලුත්ම සංකල්පය වන්නේ බුටික් විලාය.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප: Manor House Concepts


අවිවේකී දිවියේදී ලැබෙන කෙටි නිවාඩු නිදහසේ ගත කිරීම සඳහා විදේශ රටවලට යන සංචාරකයින් පිළිබඳව ඕනෑතරම් අසන්නට දකින්නට ලැබෙයි. නමුත් සොබාදහමේ සිරිය විඳින අතර මානසික නිදහස සහ විවේකය සොයා විදේශයන් වෙත පියාසර කරන ලෙසින්ම, එවන් විදේශයන්හි තරු පන්තියේ සුපිරි හෝටලයකදී විඳිය හැකි සුඛෝපභෝගී සැප පහසුවත්, තම නිවසේ සිටියදී විඳිනා නිදහස මෙන්වූ නිදහස් මානසිකත්වය සහ ශ්‍රී ලංකාවේ සුන්දරත්වයත් යන සියල්ලම බුටික් විලා සංකල්පය හරහා විඳීමට දැන් මේ කුඩා දිවයිනේදී පුළුවන.


නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ තවත් එක් සොඳුරු නිමැවුමක් වන බුටික් විලා සංකල්පය අද වනවිට ලොව පුරා ප්‍රචලිතය. 1980 දශකයේදී ඇරඹි එය මුල් වකවානුවේදී එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මූලික කරගනිමින් ලන්ඩන් නුවර, පැරීසිය, නිව්යෝර්ක් සහ සැන් ප්‍රැන්සිස්කෝ වැනි නරගයන් පුරා ව්‍යාප්ත විය.

පැරණි ගොඩනැගිලි නවීකරණය කිරීමෙන් මෙන්ම අලුත නිර්මාණය කරන ලද ගොඩනැගිලිද බුටික් විලා සඳහා භාවිත කරනු ලබයි. ඒවා සීමිත කාමර සංඛ්‍යාවකින් සමන්විතය. එවිට එම සංකල්පයේ ගුණාත්මකභාවය රැකගැනීම හොඳින් සිදුකළ හැකිය


අද වන විට විදේශිකයින්ගේ මෙන්ම දේශීය සංචාරකයින්ගේද අවදානයට යොමුවී ඇති බුටික් විලා යනු නිදහස මෙන්ම වෙනසක් අත්විඳීමට කැමති සංචාරකයින්ට ඉතාමත් කදිමට ගැලපෙන තෝතැන්නකි. හෝටල් සංකල්පයට අයත් වුවත් බුටික් විලා වෙතම අනන්‍යවූ සුවිශේෂී ලක්ෂණයන් පවතී.


පැරණි ගොඩනැගිලි නවීකරණය කිරීමෙන් මෙන්ම අලුත නිර්මාණය කරන ලද ගොඩනැගිලිද බුටික් විලා සඳහා භාවිත කරනු ලබයි. ඒවා සීමිත කාමර සංඛ්‍යාවකින් සමන්විතය. එවිට එම සංකල්පයේ ගුණාත්මකභාවය රැකගැනීම හොඳින් සිදුකළ හැකිය. බුටික් විලා සංකල්පයේ ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ අමුත්තන් මූලික කරගත් සේවා සැපයීමය. එනම් ඒ වෙත පැමිණෙන සියලුම අමුත්තන් වෙත තනි තනිව විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. එහිදී බලාපොරොත්තු වන්නේ අමුත්තන් හට ඉහළ පෙළේ නවාතැන් අත්දැකීමක් ලබාදීමය.


බුටික් විලා සංකල්පයට අනුව කාමර ප්‍රමාණය සීමිත වුවත් පැමිණෙන සෑම අමුත්තෙකුගේම පෞද්ගලීකත්වය උපරිමයෙන් සුරැකෙන ලෙසින් සෑම කාමරයක්ම නිර්මාණය කරනු ලබයි. එහිදී සෑම කාමරයටම නවීන තාක්ෂණයෙන් සහ සියලුම පහසුකම්වලින් යුතු සුපිරි මට්ටමේ නාන කාමර පමණක් නොව එක් එක් කාමර සඳහා වෙන්වූ පෞද්ගලික ගෙමිදුලක් හෝ සඳළුතලයක් පවතින්නේ අමුත්තන් හට උපරිම නිදහසක් සහිත විවේකයක් ලබා ගැනීම සඳහාය.


එලෙසින් සෑම අමුත්තෙකු සඳහාම වෙන් කරන ලද කාමර පැවතුනද රුචිකත්වය අනුව පොදු ආලින්දය, සාලය, ගෙමිදුල මෙන්ම පිහිනුම් තටාකය ආදිය භාවිත කිරීමේ හැකියාවද මෙම බුටික් විලා සංකල්පයේ පවතී.


එපමණක්ද නොව තරු පන්තියේ හෝටලයකින් ලබා දෙන සේවයට වඩා වැඩි සුපිරි පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගීත්වයක අත්දැකීම විඳීමට එහිදී හැකිය. එහි කාමර මෙන්ම විසිත්ත කාමරය ඇතුළු පොදු ස්ථානයන් භාවිත කරනු ලබන්නේ නවීන තාක්ෂණයෙන් මෙන්ම ඉහළ වටිනාකමකින් යුතු ගෘහ භාණ්ඩ ඇතුළු අමුත්තන් වෙත සුඛෝපභෝගී සැප පහසුවක් සලසනු ලබන ගෘහ භාණ්ඩයන්ය.


අවකාශය, හැඩතල සහ වර්ණ ගලපමින් කිසියම් තේමාවක් මූලික කරගනිමින් සකසන එම කාමරවල දක්නට ලැබෙන හැඩතල මෙන්ම වර්ණයන්ද අමුත්තන් හට ගෙන එන්නේ සුපිරි අත්දැකීමකි. එහිදී පෞරාණිකත්වය ඉස්මතුවන ආකාරයේ ගෘහ භාණ්ඩ සහ ගෘහ අලංකරණයන්ද භාවිත කරනු දක්නට ලැබෙයි.


විසල් කාමර ප්‍රමාණයකින් සහ විසල් අමුත්තන් ප්‍රමාණයකින් සමන්විත අනෙකුත් හෝටල්වල මෙන් බුෆේ ක්‍රමයට ආහාර සූදානම් කිරීමක් මෙම සංකල්පයේ දක්නට නොලැබෙයි. එහිදී සිය රුචිකත්වයට අනුව අලකාට් ක්‍රමයට ආහාර ඇනවුම් කිරීමට පුළුවන. එමෙන්ම තමන්ගේ රුචිකත්වයට අනුව අවැසි ලෙසින් ආහාරයන්ගේ ලුණු ඇඹුල්, රසය වැනි දෑ වෙනස් කරවාගැනීමේ හැකියාවද පවතී.


ඉතාමත් ඉහළ සංචාරක ආකර්ෂණයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවට මෙම බුටික් විලා සංකල්පය ඉතාමත් හොඳින් ගැලපෙයි. සිය නිවාඩුව නිදහසේ ගතකිරීම සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන්ට අවැසි නිස්කලංක පරිසරයක් මෙවන් ස්ථානවලදී විඳීමට හැකිවෙයි. වර්තාමානයේ මෙය වෙනසක් අත්දකින්ට කැමති දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය වී තිබේ. පවුලේ සාමාජිකයින් සමඟින් විවේකී නිවාඩුවක් ගතකිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා මෙය ඉතාමත් කදිමට ගැලපෙන්නේ බාහිර පුද්ගලයින්ගෙන් තොරව සිය පවුලේ සාමාජිකයින් සමඟින් නිදහසේ නිවාඩුව ගතකිරීමට හැකි වන බැවිණි. අද වන විට ජනාකීර්ණ කොළඹ නගරයේ මෙන්ම දිවයින පුරා විවිධ ප්‍රදේශයන්වලද බුටික් විලා ඉදිකර තිබෙයි.


වටිනා දෙයක අත්දැකීම විඳීමට නම් ඒ වෙත එහි වටිනාකම ලබාදිය යුතුමය. මෙම සංකල්පය තරමක් මිල අධික වන්නේ ඒ තුළ වන ගුණාත්මකභාවය රඳවාගැනීම සඳහාය. නමුත් එමගින් විඳිය හැකි උසස් තත්ත්වයෙන් යුතු සුඛෝපභෝගී අත්දැකීම නම් ඔබගේ ජීවිතයේ එක් වරක් හෝ විඳිය යුතුමය.


මෙම ලිපිය සැකසෙන්නේ මැනර් හවුස් කන්සෙප්ට්ස් හි මනියුම්පති බුටික් විලා ඇසුරිනි.


Among the many options available today to spend your holiday, the latest is that of Boutique Villas. Originating in Europe in the 1980s, these luxury villas offer a tranquil holiday and the ability to enjoy surrounding nature, privacy and relaxation. These architectural beauties not only provide all modern comforts but preserve the authenticity of the antiquated homes they once were.


Famous among both tourists and Sri Lankans, Boutique villas are special in that all guests get a personalized service. Though limited in available number of rooms, each room will have state-of-the-art facilities while being able to enjoy common areas with other guests, such as the swimming pool. This article was written based on the Maniumpathy boutique villa by Manor House Concepts.

  • image01
    image01

    සුඛෝපභෝගී ගෘහභාණ්ඩයන්ගෙන් සපිරි පොදු සාලය

    Prev Next
  • image01
    image01

    නිදහසේ කල් ගත කළ හැකි පොදු ආලින්දය සහ පිහිනුම් තටාකය

    Prev Next
  • image01
    image01

    පෞද්ගලීකත්වය උපරිමයෙන් සුරැකෙන අලංකාරවත් නිදන කාමරයක්

    Prev Next
  • image01
    image01

    සියලු පහසුකම්වලින් සපිරි සුපිරි නාන කාමරයක්

    Prev Next
  • image01
    image01

    ප්‍රණීත ආහාරයන්ගේ මිහිර විඳින අතර සුහද කතා බහකද යෙදිය හැකි විසල් කෑම මේසය

    Prev Next